චිලී රාජ්‍යයට කළ විනාශය ලංකාවට නොකරනු !

 



ඇමරිකාවේ මැදිහත්වීම මත ඡන්දයෙන් පත්වු අයන්ඩේගේ ආණ්ඩුව පෙරලා දමා පිනෝචේගේ ආණ්ඩුව පිහිටවූ බව අපි දනිමු.

1973 පමණ ඇමරිකාව මැදිහත් වී චිලී රාජ්‍යයට නව ලිබරල්වාදය හඳුන්වා දුනි.

එවක් පටන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුව රට පාලනය කළ හමුදා නායක පිනෝචේ 

රජය සතුවූ පොදු වත්කම් පෞද්ගලිකකරණය කළේය.

 සම්පත් සියල්ල සූරා කෑවේය.සමාජ ආරක්ෂණයෙන් රජය ඉවත්වී එයද පෞද්ගලිකකරණය කලේය.

නිදහස් වෙළදාමට ඇති තරම් පහසුකම් සපයා දී ,විදේශ සමාගම් ඉපැයූ ලාභාංශ නිදහසේ තම රටවල් වලට ගෙන යාමට ඉඩදුන්නේය.මේ ඇති කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ලතින් ඇමරිකාවේ ඇති වූ ණය අර්බූදයත් සමඟ චිලියද බංකොලොත් වී රට කඩාවැටනේය.

දැන්  රනිල් ලංකාවට සිදුකරමින් යන්නේද ,එදා චිලිය⁣ට පිනෝචේ කළ දේම බව  ආර්ථික හා දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.

         ඒ නිසා මේ IMF ව්‍යසනයෙන් රට බේරාගැනීමට විපක්ෂය එකතුව සටන් කළ යුතු බව එම විචාරකයින්ගේ මතය වී තිබේ..........

Post a Comment

0 Comments