හැටන් සිට ලිදුල දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වෑන් රථයේ රියදුරා සහ අයිතිකරු බරපතල ලෙස තුවාල ලබා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කල බව ලිදුල පොලිසිය  පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල වොල්ට්‍රිම් වත්ත අසලදිය.

වෑන් රථය හැටන් දික්ඔය නගරයේ ගරාජයකින් අලුත්වැඩියා කරගෙන ආපසු ලිදුල මටුකැලේ දක්වා ධාවනය කරන අවස්තාවේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි ඇති බවත්, වෑන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවට අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් සැකකරයි.

අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.