නිදහසින් පසු ලංකාව මුහුණදෙන බරපතලම අර්බුදය මෙය බවත්,විශේෂයෙන් 1977 න් පසුව රට නරකාදියට ගෙන යාමේ ගමන JR විසින් ආරම්භ කළ බවත්,එහි අවසන් අදියර ඔහුගේ බෑණා වන රනිල් ජනාධිපති විසින් රැගෙන යන බවත් ප්රජාතන්ත්රවාදී බහුජන ව්‍යාපාරයේ ලේකම් කොළඹ පැවති රැස්වීමකදී පැවසීය.
නිදහසට පෙර සිට මේ රටේ ගොවියන්ගෙන් 45% කට පමණ වගාකරන්නට ඉඩම් නොමැති බවත්,මේ නිසාම ග්‍රාමීය දුප්පත්කම ඉහළ ගොස් ඇති බවත්,එදා ඉඩම් සංවර්ධන ආඟ්රපනත මගින් රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ටනොදිය යුතුයි කියා පැනවූ නීතිය සංශෝධනය කර මේ රටේ ඉඩම් විදේශිකයන්ට පාවාදීමට සැරසෙන බවත්,වියළි කලාපයේ ගොවිතැන සංවර්ධනය කිරීමට කිසිම සැලසුමක් මේ පාලකයන්ට නොමැති බවත් සඳහන් කළේය.
මුළු සමාජයම ඉන්නෙ සැකයෙන් සහ බියෙන් බවත් සමාජ ක්රමයේ බරපතල බිඳ වැටීමක් ඇති වී තිබෙන බවත් ,අධිකරණය,පාර්ලිමේන්තුව සහ විධායකය අතර තුලනයක් හෝ සම්බන්ධයක් නැති බවත්, ඒ එකදු ආයතනයක් හෝ තමන්ගේ රාජකාරී,වගකීම් නිසි අයුරින් ඉටු නොකරන බවත්,පැවසීය.
මේ පාලකයන් බලය තදින් අල්ලා ගැනීමට දරන උත්සාහය ගැන සිතනවා විනා සහ බලය ගැනීමට සිටින විරුද්ධ පක්ෂයේ අය මේ ගැඹුරු අර්බූදය තේරුම් ගනීමටවත් සිතන බවක් නොපනේ.මේ අර්බුදය ගමන් කරමින් තිබෙන්නේ ආණ්ඩුව විතරක් නොව රාජ්‍යයද බිඳවැටෙන දිසාවකට බවවත් මොවුන් නොදනී. රාජ්‍ය බිඳවැටුනොත් විදේශ රටවල මැදිහත්වීමක් සිදුවන බවවත් මොවුන් නොදකී.මෙය භයානක තත්වයක්.
JR ඇතිකරපු ආණ්ඩුක්රමයේ තිබෙන බිහිසුණු බව පෙනෙන්නේ ඔහුගේ බෑනා එය පාවිච්චි කරන ආකාරය දිහා බලන විටය.JR හිතූ විදියත් රනිල් කරන විදියත් එක සමානය.රනිල් ඊට වඩා අධිකාරීවාදීය.
JR නීතියට උඩින් පාලකයා තිබ්බා.පාලකයා ප්‍රශ්න කිරීමේ බලයක් අධිකරණයටවත් නෑ.ඇමරිකාවේ ජනාධිපති පවා නීතියට යටත්. පාර්ලිමේන්තුව රබර් සීල් එකක් බවට පත්කළා.
මන්ත්‍රීවරු සතුටු කරන්න ඉඩම්,බලපත්‍ර,කොන්ත්‍රාත්,ව්‍යාපාර කරන්න ඉඩ දුන්න.ඔවුන් දූෂිත පිරිසක් බවට පත්කලා.අදත් එහෙමයි.මහින්ද ,චන්ද්‍රිකා යටතෙත් එහෙමයි.බාර් බලපත්‍ර සිය ගණනින් දුන්නෙ.ඊට පස්සෙ බාර් කාරයොත් පාර්ලිමේන්තු ආව. මේ විදියට දැවැන්ත වස්තු කොල්ලයක් කලා.
මෙය සංවිධානාත්මක කොල්ලයක්.
මේ නිසා මෙම සම්පූර්ණ ව්‍යුහයම වෙනස් කරන්න විපක්ෂය සූදානම්ද?
ඒ සඳහා පොදු වැඩපිළිවෙලකට එකතුවෙන්න විපක්ෂය සූදානම්ද? ඔහු වමසීය..
0 Comments