මේ රටේ සුවහසක් ජනතාවගේ ආදරයට හා සම්භාවනාවට පත් ගීත රැජින ආචාර්ය,විශාරද නන්දා මාලනී මැතිනියගේ 80 වන ජන්ම දිනය අදට යෙදී ඇත.
දශක ගණනාවක් ගීත ගයමින් එක ලෙස ස්වකීය හැකියාවන් විදහා පෑ ජාතියේ යසෝරාවය ලෙසින් ගෞරවයට පාත්‍ර වූ,මැයගේ මියුරු කටහඬ රසිකයන්ගේ සිත් සොරා ගත්තේය..
සරසවි හා ජනාධිපති සම්මාන රැසකින් පිදුම් ලැබූ මැය සමාජීය,දේශපාලන,ආගමික හා ප්‍රේමනීය සංකල්පනාවන් විදහාපාන ලෙස ගී ගැයූ අද්විතීය ගායිකාවක ලෙස ජන හදවත් තුල අභිනන්දනයට පත්වසිටී.
ඇයට දීර්ඝායුෂ පතන ගමන් සුබම සුබ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා..
LankaLNews


0 Comments