1950 ගණන් වල සිට බණ්ඩාරනායක ,සිරිමාවෝ මැතිණිය හා මහින්ද මහතා සමඟ අධිරාජ්‍යවාදයට විරුද්ධව සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා පෙළගැසුණු ප්‍රගතිශීලී බලවේගය හෙවත්" මැද මාවත" මහින්ද බැසිල් රාජපක්ෂ නායකත්වය විසින් මේ මොහෙතේ අධිරාජ්‍යවාදීන්ගේ සහය ලබන අන්ත දක්ෂිණාංශික නායකයෙකු වන රනිල් පසුපස බඩගාමින්,ඔහුගේ දෙපාමුල තැබීමත් සමඟ මැද මාවතේ දේශපාලනය අවසන් කර ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

            බැසිල් ආංඩුවට රිංගා" සෞභාග්‍යයේ දැක්ම" කණපිට හරවා රජයේ දේපල විකුණමින් ,ජනතාව දැඩි පීඩනයට ලක්කරමින් ගෙන ගිය නව ලිබරල් පිළිවෙත හේතුවෙන් ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඒ ආණ්ඩුව ජනතා බලයෙන් පලවා හැරි බව වි⁣ශ්ලේෂක මතයයි.

            ඒ අනුව ⁣පොදුජන පෙරමුණේ නායකයන් රනිල් ළඟට දනගෑමත් සමඟ එහි පසුපස ගිය වාමාංශික ප්‍රගතිශීලි ජනයා මේ වනවිට රට පුරා හමායන ප්‍රබල සුළං රැල්ලක් ලෙස වමට ගමන් කරමින් එක්සත් බලයක් සෑදීමට ඉඩ ඇති බවත්,මීළඟ ජනාධිපති වරණයේදී පොදු වැඩපිළිවෙලක් උඩ මාලිමාවද ඇතුලත් වූ වමට බර එක් අපේක්ෂකයකු රනිල්ට විරුද්ධව ඉදිරිපත් කිරීමට මේ වන විටත් සාකච්ඡා ආරම්භවී ඇති බවත් සැලය.