හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යළි පත් කර ඇත.
ඒ සමගම ඔවුන් දෙදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීම ද ඉවත් කර ඇත.
අද පස්වරුවේ සිරිකොත එජාප මූලස්ථානයේදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබේ.
2020 දී සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලදී.
0 Comments