දකුණේ ජල ප්‍රශ්නයට තක්කඩි පාලකයන් නිසි විසඳුම් ලබා දුන්නේ නැහැ.. චන්ද මංකොල්ල කෑවා පමණයි ! " සුරකිමු රුහුණ"සංවිධානයේ කැඳවුම්කරු කියයි..

 



වසර 20 කට පසුව උඩවලව ඇතුළු දකුණේ ජනතාව මුහුණ දෙන දරුණුතම ජල අර්බූදය මෙය බවත්,1930 ගණන් වල සිට හැදු සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැගුවේ නම් මේ ප්‍රශ්නය අද පැනනඟින්නේ නැති බවත්, කළුගඟ හැරවීමේ ව්‍යාපෘතිය දේශපාලන ⁣වාසිය වෙනුවෙන්  පාලකයන් අත්හැර දැමූ බවත්,එය දකුණට කළ මහත් අභාග්‍යයක් බවත්,ගිං,නිල්වලා ව්‍යාපෘතිය සියලු කටයුතු නිමාකර වැඩ ආරම්භ කිරීමට තිබියදී 2016 සිරිසේන ජනාධිපති එය ඉවතට විසිකර මොරගහකන්ද ක්‍රියාත්මක කර විවෘත කළ බවත්,එවකට ජනාධිපතිගේ ඔඩොක්කුවේ සිටි මහින්ද අමරවීරලා උඩබලාගෙන සිටි බවත්, රත්නපුර,දකුණේ ජල ප්‍රශ්නයට විසඳුම් දෙකක් ඇති බවත් ,

පැරණි වාරි සංරක්ෂණ පද්ධතිය විධිමත් කිරීම හා තෙත් කළාපයේ අතිරික්ත ජලය මෙම කළාපයට යොමු කරවා ගැනීම එම විසඳුම් දෙක බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින්" සුරකිමු දකුණ "කැඳවුම්කරු පවසයි.

Post a Comment

0 Comments