ප්‍රේමනාත් සී.දොලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමලිංගිකත්වය වරදක් ලෙස දක්වා ඇති දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ගෙන ආ පනත් කෙටුම්පතට මොකද වුනේ,කියා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනා විමසති..
සමලිංගිකත්වයට එරෙහි නීති ලංකාවට ලැබුණේ 1833 බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේය.එහි අර්ථය එක් පුරුෂයකු එක් භාර්යාවක් සමඟ පමණක් මැරෙන තුරු එකට විසිය යුතුය යන්නයි.
එහෙත් අපට එම නීති ලබාදුන් බ්‍රිතාන්‍ය 1950 ගණන් වල සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත්කර ගත්තේය.ඒ සුප්‍රසිද්ධ" වොල්ෆෙන්ඩන් වාර්ථාව"ඉදිරිපත් කළ කමිටු නිර්දේශය නිසාය.එහි සඳහන් වූයේ කැමැත්තෙන් සිදුවන සමලිංගික හැසිරීම් වෙනත් අයට හානිකර
නොවන නිසා සහ රටේ යථා පවැත්මට බලනොපාන නිසා ඒවා තව දුරටත් අපරාධ වැරදි ලෙස සැලකිය යුතු නැති බවයි.
එහෙත් මෙම නීතිය සංශෝධනය කිරීමට විරුද්ධ පිරිස් පවසන්නේ සමලිංගිකත්වය මානසිකරෝගයක්බවත් එවැනි පව්කාරයන් සමාජයෙන් පිටුවහල් කර තැබිය යුතු බවත්ය.
කෙසේ වුවද දොලවත්ත මන්ත්‍රී ගෙන ආ සංශෝධනයට මොකද වුනේ.....

0 Comments