ජාතික රූපවාහිනි සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව පෞද්ගලික ආයතනයකට බදු දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතරයි.
අදාල ගණුදෙනුව සිදු කර ඇත්තේ කිසිදු විනිවිදභාවයකින් තොරව නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව අනුර දිසානායක මහතා පැවසීය.
ඊට ප‍්‍රතිචාර දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම ගිවිසුමේ කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නැති බවත් කිසියම් වංචාවක් සිදුව ඇත්නම් එය අධිකරණය හමුවේ ඔප්පු කරන ලෙසත් එසේ වුවහොත් හෙට උදේට තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත්ය.

0 Comments