යාපනය මාණිප්පායි පොලිස් වසමට අයත් සන්දිලිප්පායි උතුර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (21) රාත්‍රියේ ඇතුලුවූ නාදුනන පිරිසක් විසින් නිවට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ගිනිතබා පලා යාමෙන් දේපල රැසකට දැඩි හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.
කලු රෙදිකඩවලින් මුහුණු ආවරණය කරගත් පිරිසක් අදාල නිවසට ඇතුලු වූ අවස්ථාවේදී එක් තරුණයෙකු නිවස තුල සිට ඇති අතර එම තරුණයාට පහර දී පලවා හැර නිවසට පෙට්‍රල් බෝම්බ වලින් පහරදී ගිනිතැබීම සිදුකොට ඇති බවට අනාවරනය වී ඇත.
පසුව එම පිරිස් විසින් නිවස ඉදිරිපිට තිබූ යතුරුපැදි දෙකකටද ගිනිතබා පලා ගොස් ඇති අතර අදාල යතුරුපැදි දෙකද සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.
එමෙන්ම නිවසේ තිබූ උපකරණ ඇතුලු දේප රැසක් ගින්න හේතුවෙන් සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් නිවසේ ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පෞද්ගලික හේතුවක් මත මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි පරික්ෂණ සිදුකරන මාණිප්පායි පොලීසිය සැකපල කර සිටියි.


0 Comments