උපන්දින සාදයක් ගිනි තබා දෙදෙනෙක් ඝාතනය කල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

 

වවුනියාවල තෝණිකල් ප්‍රදේශයේ නිවෙසක උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබියදී තියුණු ආයුද රැගත් පිරිසකගේ පහරදී එම නිවෙසට ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  (02) දින වව්නියාව වෛරවපුලියන් කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට (03) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරු වවුනියාව මහේස්ත්‍රාත් අහමඩ් රහිම් මහතා විසින් සැකකරු රඳවා ප්‍රශ්න කිරීම අපරාධ පරික්ෂණ පොලිස් නිලධාරීන්ට අවසර ලබා දුන්නේය.

මෙම සැකකරු අදාල ඝාතනයෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් තිබුනු අතර (02) දින අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තු නිලධාරීන් විසින් විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවසක් තුල සැඟව සිටයදීය.

ජුලි මස 23 වැනිදා අලුයම ව්‍යාපාරික පුද්ගලයකුගේ වැඩිමහල් දියණියකගේ උපන්දින සාදය අතරතුර මෙම ප්‍රහාරය එල්ලකොට තිබුණු අතර ප්‍රහාරය සඳහා පුද්ගලයින් 10 දෙනෙකු පමණ පැමිණි බවට සී.සී.ටී.වී දර්ශනවලින් අනාවරනය විය.

මෙම ප්‍රහාරයෙන් අඹු සැමි යුවලක් මිය ගොස් තවත් 08 දෙනෙකු තුවාල ලැබීය.

මේ අනුව පසුගිය ජූලි 31 වනදා අදාල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුලු පමාණය 06 ක් වන අතරම තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ැගනීමට නියමිත බවටද අපරාධ පරික්ෂණ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments