දකුණු ආසියාවේම සිටින මහා ප්‍රජාතන්ත්‍රවාදියා යැයි කී රනිල්ගේ සැබෑ ස්වරුපය දැන් දැන් පෙනෙන්නට පටන් ගෙන තිබෙන බව දේශපාලන විචාරකයින් පවසයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින්,රටේ ජාතික නිදහසත්, ස්වාධිනත්වයත් නැති කරමින් ,ජාතික සම්පත් විදේශිකයන්ට විකුණමින් රනිල් අන්ත දක්ෂිණාංශික නායකයෙකු ලෙස කටයුතු කරමින් සිටී.
අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ඔහු කළ පළමු කටයුත්ත වූයේ ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදී එළවා දැමීමයි.
ඊට පසුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගෙන ශිෂ්‍ය විරෝධතාවලට පහරදී ඔවුන් අත්අඩංගුවට ගත්තේය.
පළාත් පාලන චන්දය කල් දමා ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීය.
චන්දයට මුදල් ලබාදෙන ලෙස නියෝග දුන් ශ්‍රේෂ්ඪාධිකරන විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකට කැඳවීමට අවශ්‍ය පියවර ගත්තේය.මේ මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට ගෙන්වා පුශ්න කිරීමට තීන්දු කළේය.
ආසන්නම සිද්ධිය වන්නේ EPF අරමුදල ගැන තීන්දුවක් දීමට තිබියදී අධිකරණයට බලපෑම් වන ලෙස තමා නියෝග ගන් නේ පාර්ලිමේන්තුවෙන් පමණක් බවත්,වෙනත් කිසිවකුගෙන් තමා නියෝග නොගන්නා බවත් පැවසීමය.මෙය අධිකරණයට කළ බලවත් තර්ජනයක් බව නීතීඟ්‍ර සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා පැවසීය.
රනිල් සිටින තුරු එජාප නායකත්වයට කිසිවකුට පැමිණීමට නොහැකි වූවා පමණක් නොව ඔහුට අභියෝග කළ සියල්ලන් පක්ෂයෙන්ද පන්නා දැමූ ඒකාධිපතියකු බව සජබ මාධ්‍ය ප්‍රකාශකයකු පැවසීය.
මේ අප අත්දකිමින් සිටින්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස රඟපෑ රනිල් වික්‍රමසිංහගේ සැබෑ ස්වරුපය බව රනිල්ගේ පැරණි මාධ්‍ය මිතුරකු Lanka L News වෙත පැවසීය..
පුදුමය නම් මේ සියල්ලට ඉඩ හැර විපක්ෂය නිදා සිටීමයි.....


0 Comments