ජූලි මස තුන් වනදා සෞඛ්‍යය වෘත්තිකයන් සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම වළක්වමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි කරන්නැයි ඉල්ලමින් මෙම සංකේත වැඩ වර්ජනය සිදුකරන බව එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.
අදාල චක්‍රලේඛය අහෝසි කරන්නැයි කරන ලද ඉල්ලීමට සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රතිචාර දක්වා නැති බවත් ඒ හේතුවෙන් මෙම වර්ජනය කැඳවන බවත් හෙතෙම පැවසීය.
මේ අතර අක්ෂිකාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදු වූ අක්‍රමිකතාවයන් හේතුවෙන් සෞඛ්‍ය ලේකම් වරයා වහා අත්අඩංගුවට ගත යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටියේය.
0 Comments