රන්දෝලි පෙරහැරේ විදුලි සැර වැදී කාන්තාවක් මරුට…

 

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානය රන්දෝලි පෙරහැර නැරඹීමට ගිය කාන්තාවක් විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි කාන්තාවක් බවයි.

බෙල්ත්තර හන්දියේ පෙරහැර වෙනුවෙන් යොදා තිබූ විදුලි පහන් කණුවක් ස්පර්ශ කිරීම හේතුවෙන් විදුලි සැර වැදී ඇති බවද පොලිසිය කියා සිටී.

විදුලිය වැදුණු අවස්ථාවෙම කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ද එහිදී ඇය මියගොස් ඇත.

Post a Comment

0 Comments