ගින්නකින් කර්මාන්ත ශාලාවක් අලු වෙයි…

 



කිලිනොච්චිය ධර්මපුරම් ප‍්‍රදේශයේ පොල් වත්තක ඇති වූ ගින්නක් හේතුවෙන් පොල්ගස් 50 කට අධික ප්‍රමාණයක් සහ කොහු කර්මාන්ත ශාලාවක් විනාශ වී ඇතැයි ධර්මපුරම් පොලීසිය පවසයි.

ගින්න ඇති වූ මෙම පොල් වත්ත තුළ පිහිට කොහු කර්මාණ්ත ශාලාව මගින් පළමුව ගිනි ගැනීම ආරම්භ වී ඇති අතර පසුව පොල් වත්තට පැතිර ඇති බවටද මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වෙයි.

ගින්න ඇති වූ අවස්ථාවේදී කොහු කර්මාන්ත ශාලව තුල හෝ පොල්වත්තේ කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් ගින්න සීග්‍රෙයන් පොල් වත්තට පැතිර ගොස් ඇති බවට අනාවරනය වෙයි.

පසුව පොල් වත්තට ගින්න පැතිරීමත් සමග ප‍්‍රදේශවාසීන් කිලිනොච්චිය ගිනි නිවන ඒකකයට දැනුම්දී එම නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න පාලනය කිරීමට පියවර ගත්තද ඒ වන විටත් කොහු කර්මාන්ත ශාලව සම්පූරණයෙන්ම විනාහ වී ඇති අතරම පොල්ගස්ද 50 කට අධික ප්‍රමාණයකට ගින්න ඇවිලී තිබුණි.

Post a Comment

0 Comments