‘රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති තනතුරට පත් කර ගත්තේ අත්දැකීම් බහුල නායකයෙක් මේ මොහොතේ රටට අවශ්‍ය නිසයි. දැන් ගෑස් පෝලීම්, ඉන්ධන පෝලීම් නෑ. විදුලිය කප්පාදුව නෑ. ඒ නිසා එදා අපි ගත් තීරණය හරි කියලා අද අපිට හිතෙනවා’ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය පවසයි.
මීරිගම යොවුන් නිකේතනයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින් ගුණවර්ධන මහත්මිය මේ බව සඳහන් කළේය.
එහිදී මෙසේද පැවසීය.
‘බල මණ්ඩලයට ලෑස්ති වෙද්දි මම හිතුවා මගේ ජනතාවට මාව අමතක වෙලා ඇති කියලා. මම ආසනයට එන්නේ සතියට දවස් දෙක තුනයි. මොකද මම ආවාට මේ ආසනයේ නවතින්න තැනක් නැහැ. ඒ නිසා මම මේ බල මණ්ඩලය කළේ බොහොම බයෙන්.
මගේ අයියා නැති වුණාම ජනතාව තමයි මට දේශපාලනය කරන්න කිව්වේ. මේ ජනතාව කවදාවත්ම මාව වැට්ටෙව්වේ නෑ. මාව හැමදාම ශක්තිමත්ව අල්ලගෙන හිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ආදරයෙන් බිහි කළ පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අපිට මතයක් නැති වෙන කොට මහින්ද රාජපක්ෂ මහතා එකතු වෙලා මේ පක්ෂය ගොඩනැගුව. අදටත් මෙරට තිබෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
රට වහන්න එපා ආර්ථික විශේෂඥයින් කියද්දිත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දෙපාරක් හිතන්නේ නැතිව ජනතාව ගැන හිතලා රට වැහුවා. එතුමා කිව්වේ ආර්ථිය පසුව හදන්න පුළුවන්,ඉස්සෙල්ලා මිනිස්සු ආරක්ෂා කර ගමු කියලා. ඒ නිසා කොරෝනා කාලයේ අපේ රට ලෝකයේ සුරක්ෂිත රටක් කරන්න පුළුවන් වුණා.
අපි කුඩා රටක්. රට වහපු නිසා අපි ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න වුණා. විදුලිය කැපුවා, ඉන්ධන පෝලීම්, ගෑස් පෝලීම් නිර්මාණය වුණා. ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න අපිට අපහසු වුණා. මේකෙන් ප්‍රයෝජනය ගත්ත කවදාවත් පාර්ලිමේන්තු එන්න බැරි සමහර දේශපාලන පක්ෂ ජනතාවට විස පොවලා අරගලයක් නිර්මාණය කළා. ඔවුන් අපේ ගෙවල් ගිණි තිබ්බා. ඔවුන් බලාපොරොත්තු වුණේ අපිව දේශපාලනයෙන් අයින් කරන්නයි.
මිනිස්සු තවම මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරෙයි. ගමේ පාරවල් ටික හැදුවේ ගමට විදුලිය ලැබුණේ, වතුර ලැබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයෙයි. මම මේ කිව්වේ අවුරුදු 10 -12 ක ඉතිහාසයක් ගැනයි.
අපිට තවත් දැවැන්ත වැඩ කොටසක් කරන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති තනතුරට පත් කර ගත්තේ අත්දැකීම් බහුල නායකයෙක් මේ මොහොතේ රටට අවශ්‍ය නිසයි. දැන් ගෑස් පෝලීම්, ඉන්ධන පෝලීම් නෑ. විදුලිය කප්පාදුව නෑ. ඒ නිසා එදා අපි ගත් තීරණය හරි කියලා අද අපිට හිතෙනවා. තව අවුරුදු එක හමාරක් යනකොට රට යළි යථා තත්ත්වයට ගන්න පුළුවන් වේවි’
0 Comments