ධාරිතා ගාස්තු වලට අදාල කොන්දේසිය වහා ඉවත්කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගත යුතු බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. මෙම ධාරිතා ගාස්තු කොන්දේසිය හේතුවෙන් මසකට රුපියල් මිලියන 100කට අධික මුදලක් ඒස් බලාගාරයට ගෙවන බවත් විදුලිය මිලදී නොගත්තද එම මුදල ගෙවීම අනිවාර්ය කර ඇති බව ද සංජිව ධමිමික මහතා හෙලි කලේ ය. ඒ අනුව මාස 6ක කාලයක් තුලදී රුපියල් මිලියන 600ක චංචාවක් සිදුවේ. ඒස් බාලාගාරයේ මෙම අවාසිදායක කොන්දේසීය සම්බන්ධයෙන් නීතිපති වරයා මෙන්ම රජයේ විගණකාධිපතිවරයාද නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම විමතිය දනවන්නකි. වසර 15කට අධික කාලයක් තුල බලාගාරයේ වටිනාකම මෙන් පස් ගුණයක ධාරිතා ගාස්තු ගෙවීමට ඉඩ දීමෙන් රුපියල් මිලියන 12000කට අධික වංචාවක් සිදු ව ඇත. එය වැළැක්වීමට හැකි ආයතන වන නීතිපතිවරයා සහ විගණකාධිපතිවරයා වහා මැදිහත් විය යුතු බවට විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අවධාරණය කරනවා.
එමෙන්ම බලාගාරය ඩොලර් 1ක නාමික අගයකට ලංකා විදුලිබල මණ්ඩලයට පවරා ගැනීම සදහා අමාත්‍ය මණ‍්ඩලය ගත් තීරණය සගවා ගෙන ඇති බවට විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය චෝදනා කරයි. 2018 දී කැබිනට් මණ්ඩලය විසින් අදාල තීරණය ගෙන ඇති බවත් විගණකාධිපතිවරයා පවා මෙම තීන්දුව ක්‍රියාත්මකත නොකිරීම සම්බන්ධයෙන් නිසි විගණනයක් කර නොමැති බවත් සංජීව ධම්මික මහතා පෙන්වා දෙයි. අදාල කැබිනට තීරණයට අනුව 2021 ජුනි මාසයේ දී ඒස් ඇඹිලිපිටිය බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලයට පවරා දිය යුතු වනවා. එහෙත් එම පවරාදීම සිදු වා දැයි යන්න විගණකාධිපති වරයා විසින් සොයා බලා නැත.. ඒ වෙනුවට ඔහු විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ සුළු සුළු අඩුපාඩු පිලිබද පුළුල් විගනනයක් කරමින් කාලය හා මුදල් නාස්ති කරන ක්‍රියාවක නිරත වෙයි. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට පැමිණිලි කිරීමටය ද සංජීව ධම්මික මහතා පියවර ගෙන ඇත.

0 Comments