ජනාධිපතිවරණයෙදි බෙදෙන්න එපා!! ලාල්කාන්ත ඉල්ලයි.....



 ජනාධිපතිවරණය  දිනන්න නම් දක්ෂිණාංශයට විරුද්ධ  වමේ බලවේග ඇතුළු සියළු කොටස් එකතු විය යුතු බවත්,ජනාධිපතිවරණ වාදය, වෙනම සංකල්පයක් බවත්,දැනටමත් වමේ කඳවුරේ චන්ද බෙදන්න විවිධ න්‍යායන් අටවන බවත්,ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන මෙදා ⁣වමේ චන්ද බෙදීමට යොදන උපක්‍රම වලට හසුනොවිය යුතු බවත්,ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කොළඹ දිස්.විධායක සමුළුව අමතමින් ලාල් කාන්ත පැවසීය...

          තව දුරටත් ඔහු පැවසුවේ ට්‍රොස්කිවාදීන් හෝ ස්ටැලින්වාදීන් නිසා හෝ වෙන වාදයක් නිසා අපේ චන්ද ගොඩ ධනපතියන්ට කොල්ලකන්න මේ අවස්ථාවේ ඉඩ නොදිය යුතු බවත්, ජාතිවාදය හෝ ⁣වෙනවාදයක් නිසා රංඩු වුනානම් ඒව පැත්තකින් තබා මේ ව්‍යසනකාරී මොහොතේ එකතුවිය යුතු බවත්,පරණ කෝන්තර උඩ දේශපාලනය කළ නොහැකි බවත්,අපි අතීතයත් එක්ක සමාදාන වී කටයුතු කළාම එය වර්ථමානයට හා අනාගතයට බාධාවක් නොවන බවත් ඒනිසා ධනපතියන් ට විරැද්ධව එකතුවන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලන බවත් ඔහු පැවසීය.

Post a Comment

0 Comments