දෙවන නිදහස් අරගලය⁣ට උතුර,දකුණ එකතු වෙයව්! පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි....





 1948  සිංහල,දෙමළ, මුස්ලිම්,මැලේ,බර්ගර් ජනතාව එක මිටියක් ලෙස බැඳී එක්සත්ව අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කර නිදහස ලබාගත් ආකාරයට වැඩිකල් නොගොස් උතුරේ සහ දකුණේ ජනයා එක්ව ,රට ආරක්ෂාකර ගන්නත්,රටට නැවත නිදහස දිනාගන්නත් දෙවන නිදහස් අරගලයක් කිරීමට සිදුවන බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උන් වහන්සේ ප්‍රකාශ කළේය.

             අපි ජාතියක් හැටියටත්,රටක් හැටියටත් ඉතිහාසයේ කිසිම දවසක නොතිබූ සියුම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ බලවේග රාශියකට මුණදීමට සිදුවී ඇති බවත්,ඈත අතීතයේ සිට මේ රට ආරක්ෂා කළේ අවුරුදු 2500 ක් පැරණි ගිහි,පැවිදි යන පක්ෂ දෙක බවත්,මේ පක්ෂ දෙක එකතුව ක්‍රියා කළ හැම යුගයකම අපට රට ජාතිය ආරක්ෂා කරගන්න හැකි වූ බවත් ප්‍රකාශ කළේය.

      නමුත් දේශපාලනඟ්‍රයන් විසින් පසුව මේ පක්ෂ දෙක කඩා බේද භින්න කර සුනුවිසුණු කළ බවද පැවසීය.

 අපිට අවශ්‍ය නිදහසේ,සාමයෙන්,සැනසීමෙන් මේ රට තුල ජීවත්වීමේ අයිතිය පමණක් බවත්  ඒකත් දැන් අපට අහිමිවී ඇතැයි උන්වහන්සේ පැවසීය.

       අද වනවිට අපේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් අලෙවිකරමින් පවතින බවත්,අපේ භුමිය දැඩි තර්ජනයකට ලක්වී ඇති බවත්,වරායවල් ගුවන් තොටුපලවල්,ජාතික සම්පත් විකුණන ලෝකයේ එකම රට අපේ රට බවත් පැවසීය.

අද දේශපාලන ලෝකය තුල විශ්වාසවන්ත චරිත නැති බවත්,දැඩි ආක්‍රමණයකට මුහුණදී ඇති අපේ රට බේරා ගැනීම සඳහා දෙවන විමුක්ති අරගලය කිරීම සඳහා බෙදෙන්නේ නැතුව උතුරේ සහෝදර ජනතාවට දකුණේ ජනතාව සමඟ එකතු වන මෙන් ආරාධනය කරන බව ත් පැවසීය..

Post a Comment

0 Comments