මාලිමාව සහ අනුර කුමාර විනාශකිරීමේ කුමන්ත්‍රණයක්!

 


1950 ගණන් වල සිට මේ රටේ දේශපාලනය දෝලනය වුනේ කංඩායම් දෙකක් අතර බවත්,ඉදිරි මැතිවරණයකදී මොන අභියෝග ආවත් මේ රටේ දේශපාලන ගමන් මග වෙනස් කර ප්‍රගතිශීලී හා වාමාංශිකයන් අතට බලය මාරු වන බවත්,මේ සංදර්භය තුල මෙතෙක් මේ රට විනාශ කළ කංඩායම් දෙක ට මෙය අභියෝගයක් බැවින් නොයෙක් මඩ අවලාද,අභුත චෝදනා නගන්නට පටන්ගෙන තිබෙන බවත්,ඉදිරියේදි මෙය තවත් වැඩිවිය හැකි බවත්, මේවායින් අපි කළබල නොවන බවත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ පවසයි.

        මොල්ටාවේ ගිණුම් තිබෙනවානම් විශ්වාසී තොරතුරු මගින් එය සමාජගත කළ යුතු බවත්,නැත්නම් CID යට පැමිණිලි කල යුතු බවත් මෙය තනිකර දේශපාලන මඩක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 එසේම මීළඟ බලය ගන්නා කංඩායම වශයෙන් රනිල් සමඟ ඩීල්දමන්නේ නැති බවත්, ජා.ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර බවත් හරිනිට රාජ ⁣යෝග තිබෙන බවට පතුරන කථා  පිටින් හදන කුමන්ත්‍රණ බවත් ඔහු පැවසීය.

 එසේම ජවිපෙ හා ජා.ජන බලවේගයේ ප්‍රතිපත්ති සාදා තිබෙන්නේ ජවිපෙ සමාජවාදී දර්ශනයත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වල හොඳ ලක්ෂණත් ඇතුලත් කර බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසන ලදී..

Post a Comment

0 Comments