දළදා පෙරහර ඇතුළු අලි ඇතුන් ගමන් කරන අනෙකුත් පෙරහර කඩාකප්පල් කිරීමේ යම් සංවිධානාත්මක හෝ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව සහ අධිබල ලේසර් කිරණ නිකුත් කරන උපකරණ රට තුළ භාවිත කිරීම පිළිබඳව කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි චන්න ජයසුමන විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර ඇත.
වසර කීපයක සිට මෙරට පවත්වන බෞද්ධ පෙරහර කඩාකප්පල් කිරීමට සහ අපහාසයට ලක් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වන බවත්, මහනුවර ශ්‍රී දළදා පෙරහරේ අලි ඇතුන් අපහසුතාවට පත් කිරීමට ඇතැමුන් ලේසර් කිරණ භාවිත කරන බවට ඇත්ගොව්වන්ද ප්‍රකාශ කර තිබෙන බවත් මන්ත්‍රිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.
අලි ඇතුන් සහ වගා හානි කරන වෙනත් සතුන් පළවා හැරීමට අධිබල ලේසර් කිරණ නිකුත් කරන කුඩා උපකරණ වෙළෙඳ පොළේ අලෙවි කිරීමට ඇති බව මහනුවර දළදා පෙරහර ඇරඹීමට සති කීපයකට පෙර ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් වූ බවද එම ලිපියේ සඳහන් වේ.
0 Comments