1250ට කුකුළු මස් අලෙවියෙන් පාඩුයි..- වෙලදුන්..

 



කුකුල් මස් කිලෝවක මිල 01 දින මධ්‍යම රාත්‍රියේ සිට රු 1250/= මිලකට අලෙවි කරන ලෙසට රජය මගින් දැනුම් දුන්නද තමන්ට කුකුල් මස් එම මිලට අලෙවි කිරිමට නොහැකි බව කුකුල් මස් අලෙවිකරුවන් පවසති.

තමන් කුකුල් මස් මිල දි ගන්නා තොග වෙලෙන්දුන් තමන්ට රජය අනුමත මිලට හෝ කුකුල් මස් තොග වශයෙන් ලබා නොදෙන බවත්, ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් වියදම් සමග සැසදිමේදි කුකුල් මස් කිලෝවක් රු 1300/= වැනි මිලකට අලෙවි කල හැකි බවයි අලෙවිකරුවන් කියා සිටින්නේ.

මෙතෙක් කුකුල් මස් කිලෝවක් රු 1450/= මිලකට අලෙවි කල බවත්, කුකුල් මස් මිල ඉහල යාම හමුවේ කුකුල් මස් අලෙවිය පහල බැස ඇති බවයි අලෙවිකරුවන් වැඩිදුරටත් කියා සිටියේ.

Post a Comment

0 Comments