2024 ජනාධිපතිවරණයේදී තීරණාත්මක ප්‍රශ්න දෙක !

 

    


  2024 නොවැ .මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතාවගේ පැත්තෙන් වඩාම වැදගත් හා තීරණාත්මක ප්‍රශ්න දෙක

වන්නේ,

01.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්

02.රට ව්‍යසනයක් කරා ගෙන යන නව ලිබරල්

IMF වැඩපිළිවෙල පරාජය

කිරීමත් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

        එම කරුණු දෙක පිළිබඳව පැහැදිලි පිළිතුරක් නොදෙන කිසිදු අපේක්ෂකයකුට ජනාධිපති  වරණයේදී චන්දය නොදිය යුතු බව එම විශ්⁣ලේෂක මතයයි.

        JR 1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිධූරය නීතියට උඩින් තබා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කළ බවත්,

ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට පවසා බලයට පැමිණි සියලුම ජනාධිපතිවරු ක්‍රියා කලේ අධිකාරීවාදී හා අත්⁣තනෝමතික,පාලකයන් ලෙස බව ජනතාවගේ අත්දැකීම බව ඔවුන් පවසයි.

      ජනතා වරමක් නැති රනිල් පවා දැන් හැසිරෙන ආකාරය අනුව ඔහු කැපවී සිටින්නේ ද ජනාධිපති ක්‍රමය තවදුරටත් ශක්තිමත් කර පවත්වාගෙන යාමටය.

ඒ නිසා ඔහු මෙය අ⁣හෝසි කරන්නේ නැත. 

   ඊළඟට ජනතාව නොමරා මරණ සහ ජාතියේ ස්වාධීනත්වය තර්ජනයට ලක්කරන IMF වැඩ පිළිවෙලට විරුද්ධ විකල්ප වැඩපිළිවෙළ ජනතාව හමුවේ තැබිය යුතු බව ත් ,එවැනි අපේක්ෂකයෙකුට පමණක් ඉදිරි ජනාධිපති වරණයේදී චන්දය ප්‍රකාශ කළ යුතු බවත් එම විශ්ලේෂකයින් පවසා සිටී.

Post a Comment

0 Comments