Asia Cup බලන්න ප්‍රෙක්‍ෂකයන් අවමයි.. ආසන රැසක් හිස්..

 

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරඟය ඊයේ දින මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති එම තරගයේදී කඩුලු පහක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් එම තරඟය නැරඹීහට ඉතා අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් ද කනස්සලු සහගත ව අදහස් පළ කරන ලදී.

සමාජ ජාලවල විවේචන එල්ල වන්නේ මෙම තරගාවලියේ තරඟ නැරඹීමේ ප්‍රවේශපත් ගාස්තු ඉතා අධික වීම මත දේශීය තරඟ නැරඹීමට නොහැකි වී ඇති බවයි.

ඉන්දියාව හා පකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගයේද ප‍්‍රවේශ පත‍්‍ර විශාල ප‍්‍රමාණයක් තවමත් අලෙවි වී නැත

Post a Comment

0 Comments