2023 ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා දැඩි චෝදනා එල්ල කරයි.
මෙම තරගාවලියේ ප්‍රධානම තරගයක් වන ඊයේ පැවති ඉන්දියාව සහ පකිස්ථානය අසාත් තරගය වර්ෂාව මත අතහැර දැමීම හේතුවෙන් ඔහු මෙම විවේචනය එල්ල කර තිබේ.
ආසියානු කුසලාන තරගාවලිය දුර්වල කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත ඔහු දැඩිව දොස් පවරා ඇත.
මෙම කාලයේ ශ්‍රී ලංකාවේ වර්ෂාව ඇතිවුන ඇති බවට පුරෝකතනය කර තිබියදීත් ශ්‍රී ලංකාවේ එම තරඟ පැවැත්වීමට තීරණය කිරීම වැරදි බව ද ඔහු පෙන්වා දෙයි.
පාකිස්තානය පවත්වන්න නොපවත්වන තරඟ ඩුබායිහි පවත්වන ලෙස තමන් ඉල්ලා සිටියද ඊට විරුද්ධ වීම සඳහා නිදහසට විවිධ කරුණු ඉදිරිපත් කරන ලද බවද ඔහු තම ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.
0 Comments