මාස හතරයි විරෝධතාවය තිබුනෙ පොහොට්ටුවේ රාජ්‍ය නායකයාට වෙච්ච දේකුත් නෑ.අගමැති, ඇමති මණ්ඩලයට වෙච්ච දේකුත් නෑ,දැන් ජනමතයකුත් නෑ,වැඩපිළිවෙලකුත් නෑ,දර්ශණයකුත් නෑ,නිළධාරී මණ්ඩලයකුත් නෑ,ඒ නිසා පොදු ජන පෙරමුණ කියල පක්ෂයක් ඇත්තෙත් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ජනමාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් පැවසීය.
ඒ නිසා පොහොට්ටුව අපිට කිසිම අභියෝගයක් නොවන බවත්,
ආණ්ඩුව හා අප අතර ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් පවතින බවත් ,ආණ්ඩුව අනුගමනය කරන්නේ නව ලිබරල්වාදී ක්‍රමය බවත්, අපි ස්වදේශිකවාදී දර්ශනයක් තුල නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින බවත්,කුමන මැතිවරණයක් ආවත් අප පුළුල් සංධානයකින් තරඟකරන බවත් පැවසීය.
0 Comments