අලි පෙරහැරේ ගෙනියන එකට වඩා දහස් වතාවක් වැරදියි කිරි බොන එක.? හේතුව විමසා බලමු.!👇



 මම එක සැරයක් නවසීලන්ත ෆාම් එකක දින කිහිපයක් ගත කළා. සත්තුන්ට හොඳට සලකන්න දාලා තියන නීති පිළිබඳව ෆාම් මැනේජර් දීර්ඝ විස්තරයක් කලා. නමුත් ඒ නීතිය ඇතුළෙම වුනත් ඒ එළදෙන්නු ගතකරන්නෙ ඉතාමත්ම ඛේදජනක ජීවිතයක්. ඒ එලදෙනෙක් අවුරුද්දකට පැටියෙකු දරන්නේ නැතුව ඉන්නෙ දවස් හතලිස් පහයි. තව ගොඩක් දේවල් කියන්න පුළුවන්. 

මට එතනදි හිතුනු දේ තමයි අපිට කිරි හා මස් හදාගන්න ක්‍රියාවලියේදී අපට ඇතිවන වරදකාරී හැඟීම නැති කරගන්න තමයි ඒ නීති දාලා තියෙන්නේ කියන එක. ටිකක් නොගැලපෙන උදාහරණෙකින් කිව්වොත් යුදෙව්වන්ව වෙඩි තියලා මරනවට වඩා ගෑස් චේම්බර් එකට දාන එක මානුෂිකයි කියලා හිතනවා වගේ වැඩක්. මේ සදාචාර රීති හා නීති හැදෙන්නේ බටහිර නිසා එයාලට ඉතා පහසුවෙන් අලියාව අර ලයිස්තුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම හිතෙන්න ගන්නවා එළදෙනව අර විදියට හැදුවාට කමක් නෑ අලියව පෙරහැරේ ගෙනියන එක වැරදියි කියලා. 

අර මානුෂික යැයි කියන නිති අතර හැදෙන අර එළදෙනුන්ට ෆාම් එකේ වැඩ කරන අය හැර වෙනත් මනුස්සයෙක්ව දැක්ක ගමන් බඩ යනවා. බයට. හරිම නොසන්සුන් වෙනවා. අපිට කිරි හා මස් ඕනේ නිසා අපි හිත හදාගන්නවා ෆාර්මිං මානුෂිකයි කියලා. නමුත් විෂය මූලික විදිහට හිතලා බැලුවොත් අලි පෙරහැරේ ගෙනියන එකට වඩා දහස් වතාවක් වැරදියි කිරි බොන එක.


Post a Comment

0 Comments