දුෂණ චෝදනාවෙන් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කරයි..

 

ඕස්ට්‍රේලියානු තරුණියක් දූෂණය බලහත්කාරයෙන් ලිංගික අතවරයට ලක්කළ බවට ඇය විසින් එල්ල කර ඇති චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වරදකරු නොවන බව සිඩ්නි අධිකරණය විසින් තීන්දු කර තිබේ.

පසුගිය 20-20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර එල්ල වූ මෙම චෝදනාව මත ඔහු මෙතෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටව යාමට නොදී දීර්ඝ දඩු විභාගයට මුහුණ දුන්නේය.

පැමිණිලිකාරිය විසින් එල්ල කරන ලද බලහත්කාර ලිංගික අතවර චෝදනා ඔප්පු කළ නොහැකි බවත් ඉදිරිපත් වී ඇති සාක්ෂි මත පැමිණිලිකාරිය සිය කැමැත්තෙන් ඒ සඳහා එක් වී ඇති බවත් විනිසුරුවරයා ප්‍රකාශ කලේය.

Post a Comment

0 Comments