රාත්‍රියට වාහන වල බැටරි සොරකම ජයටම…

 



හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන බල ප්‍රදේශ කිහිපයකම රාත්‍රි කාලයේ ගාල් කර තිබෙන වාහන වල බැටරි සොරකම් කිරිමේ ජාවාරමක් සිදු කරගෙන යන බව බැටරි සොරකමට ලක් වු වාහන වල අයිතිකරුවන් සහ රියදුරන් කියා සිටියි.

හැටන්, බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , වටවල සහ ගිනිගත්හේන යන පොලිස් බල ප්‍රදේශවල රාත්‍රි කාලයේ නිවාස ඉදිරිපිට , ප්‍රධාන මාර්ග අභියස ගාල් කර තැබෙන පෞද්ගලික බස් රථ , වෑන් රථ , ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් මෙසේ වාහනයේ බැටරි ගලවාගෙන ගොස් ඇති බවට එම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිහිපයක් ලැබි ඇත.

Post a Comment

0 Comments