පුළුල් සටන් පෙරමුණක් මගින් මැතිවරණයක් දිනා ගැනීමේ ජනතා අරගලය මගහැර හුදෙක් ලැබෙන ඡන්දයකට තරඟ කිරීමට පමණක් සූදානම් වන්නේ ජ.වි.පෙ සිය ඉතිහාසයේ කළ වැරදි වලින්
භිරාන්ත වී සිටින නිසාද?යන්න දේශපාලන භුමියේ කතා බහට ලක්වෙමින් පවතින බව වාර්ථාවේ.
එසේම කිසිම පක්ෂයකට සම්බන්ධ නොවී විකල්පව කුමක් කළ යුතුදැයි විමසමින් සිටින විශාල ජනතාවක් ඔවුන් මුහුණ දෙන ආර්ථික පීඩාවට හා IMF වැඩ පිළිවෙළට විරුද්ධව ජවිපෙ යෝජනා කරන විසඳුම කුමක්ද?යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබෙන බව මාලිමාවේ නායකයෝ පවසයි.එසේම CIA නායකයා සමඟ ලංකාවට පැමිණි කංඩායම ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැනත්,ඇමරිකානු තානාපතිනිය සමඟ ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැනත් මොවුන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.
ජවිපෙ ඉක්මනින් වැඩ පිළිවෙළක් ඉදිරිපත් නොකළ හොත්, ජවිපේ අතීත භීෂණයන් හා ක්‍රියාකාරකම් මතක් කරමින් දැවැන්ත මඩ ප්‍රචාරයක් දක්ෂිණාංශිකයන් විසින් දියත් කිරීමට ඉඩ ඇති බව ජවිපෙ නායකයෝ බොහෝ දෙනෙක් පවසති.
0 Comments