පළාත් පාලන මැතිවරණය සඳහා බාර දී ඇති නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කලොහොත් රුපියල් බිලියනයකට අධික මූල්‍ය අලාභයක් සිදුවිනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
විශේෂයෙන් රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එවැනි තීරණයක් ගැනීම නිසා සිදුවන මූල්‍ය පාඩුවට වගකියන්නේ කවුරුන්දැයි විමසන ඔහු පවතින තත්ත්වය හමුවේ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරයි.
2023 පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් සැලකිය යුතු මුදලක් යොදවා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

0 Comments