ඉන්ධන ආනයනය හා වියදම් පිළිබද විගණනය පැහැර හැරලා පනතට අනුව මිල සුත්‍රය ප්‍රසිද්ධ කල යුතු යි!



බලශක්ති අමාත්‍යවරයා විසින් අත්තනෝමතික ලෙස ඉන්ධන මිල නියම කිරීම හරහා පාරිභෝගික ජනතාව සුරා කෑමකට ලක්ව ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය චෝදනා කරයි. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනතට අනුව ඉංධන මිල සුත්‍රය ඉංධන ආනයනය, බෙදාහැරීම හා බදු පිළිබද සත්‍ය දත්ත ජනතාවට හෙලි කල යුතුය. අමාත්‍යවරයා විසින් හිතුමතේ ඉංධන මිල තීරණ කිරීම නිසා වංචාවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් පසුගිය වසරේදී කෝප් කමිටුවට පැමිණිලි කර ඇති බව ද විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පවසයි. ඉංධන මිල වංචාව පිලිබද කෝප් කමිටුවට වාර්තා කර වසරක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි විගණනයක් කිරීම විගණකාධිපති විසින් පැහැර හැර ඇත. මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 124ක ශුද්ධ ලාභයක් ලබයි. ඩීසල් වලින් ලීටරයට ලාභය රුපියල් 80කි. ලංකා ඛණිජ තෙල් සංස්ථාව පමණක් නොව ලංකා අයි ඔි සි සහ සිනොපෙක් සමාගමද මෙම අධික ලාභ උපයයි. ලෝක වෙළද පොලේ ඉංධන මිල ඉහල ගොස් ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවත් ඇමති වරයා විසින් විශාල මිල ඉහලයාමක් මවා පාමින් ජනතාව නොමග යවන බවත් සංජිව ධම්මික මහතා පෙන්වා දෙයි. ඉංධන මිල පිළිබද සත්‍ය අනාවරණය කල යුත්තේ විගණකාධිපති වරයා විසිනි. නමුත් ඔහු වත්මන් දේශපාලකයින්ගේ අතකොළුවක් බවට පත් ව ඇති බව පෙනේ. ජාතික වැදගත්කමකින් යුතු ගනුදෙනු පිළිබදච නිද්‍රාවක නියැලි සිටින විගණකාධිපති විශාල වංචා වලට වක්‍රාකාරයෙන් සහාය දෙන බවට සංජීව ධම්මික මහතා චෝදනා කරනවා. ඉංධන මිල පිලිබද වහා විගණයක් කරන ලෙස කෝප් කමිටු සභාපති වරයාට දන්වා සිටිමටද විදුලිය පාවච්චිකරන්නනගේ සංගමය තීරණය කර තිබේ.


ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලිගනුදෙනු පිළිබද විගණනයද පැහැර හැර ඇති බවද විදුලිය පාචිච්චිකරන්නන්ගේ සංගමය හෙලි කල අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හෙට දිනයේ පැවත්වීමට කටයුතු යොදා ඇත


සංජීව ධම්මික

ජාතික ලේකම්

Post a Comment

0 Comments