සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කරනවාය පවසමින් මෑතක දී කරළියට පැමිණි වෛද්‍යවරයෙක් ඖෂධ නිෂ්පාදන සහ ආනයන සමාගම් වලින් කප්පම් ඉල්ලන බවට එම සමාගම් කිහිපයක් පොලිසියට පැමිණිලි කර ඇත.
එම සමාගම්වලට සහ ඒවායේ ප්‍රධානීන්ට මාධ්‍ය සාකච්ඡාවල දී පහර දෙන බව පවසමින් එසේ නොකිරීමට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දෙන ලෙසට බලපෑම් කරන බව වාර්තා වෙයි.
පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි පැවති විශ්වාසභංග යෝජනා සමයේදී මෙම වෛද්‍යවරයා සමගි විපක්‍ෂ මන්ත්‍රී හමුවේ ඉදිරිපත්කිරීමක් ද (presentation) සිදු කර ඇත. විපක්‍ෂ මන්ත්‍රීවරු විශ්වාස භංගයේ දී ඉදිරිපත් කරන්නේ තමා ලබාදෙන තොරතුරු හෙයින් එම සමාගම්වල තොරතුරු ලබා නොදීමට බව පවසා සමාගම් කිහිපයකින් රුපියල් මිලියන 4, 5 ආදී ලෙස මුදල් ලබා ගෙන ඇති බව පැවසේ.
එසේ මුදල් ලබා දුන් පසු ද දිගින් දිගටම කරන බලපෑම් නිසා අදාල සමාගම් මෙසේ පැමිණිලි කර ඇත. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන පැවසීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට යෑමට මෙම වෛද්‍යවරයාට විපක්‍ෂ ප්‍රබලයෙක් ගුවන් ටිකට්පත් ලබා දීමට මුලදී පොරොන්දු වී සිටියද ඔහුගේ කප්පම් ගැනීම ආරංචි වීමත් සමග එම අදහස පසුව අත හැර ඇත.
මෙකී වෛද්‍යවරයා පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ විනය විරෝධී ක්‍රියා කිහිපයක් හේතුවෙන් දැනටමත් ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි.

0 Comments