විපක්ෂය නියුට්‍රල් ද?බුදිද?

 


රටතුළ දැවෙන ප්‍රශ්න ගොන්නක් තිබියදී ,රනිල් ලබන වසරේ දෙනවායැයි කියන ජනාධිපතිවරණයක් දිහා බලාගෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය  පසෙකට දමා විපක්ෂය නියුට්‍රල් තත්වයකට පත්වී ඇතැයි දේශපාලන විවාරකයෝ පවසති. කෙටියෙන් කියනවානම් මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගසන විපක්ෂයක් බව ට මොවුන්  පත් වී ඇතැයි ඔවුන් පවසයි.

         ජනවරමක් නැතුව විධායක බලය පාවිච්චි කරමින් දැඩි මර්ධනකාරී පාලනයක් ගෙන යන රනිල් ජනාධිපති ,මේ වනවිට  මැතිවරණ කල්දමා  ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ඇති අතර,IMF කොන්දේසි ක්‍රියාවට නගමින් සියලු රාජ්‍ය ආයතන හා සම්පත් බහුජාතික කොම්පැනිකාරයන්ට විකිණීමට කටයුතු කරමින් සිටී.නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය පෞද්ගලිකකරණයට සැරසෙන ආණ්ඩුව කම්කරු නීති ඇතුලු,මෙතෙක් පැවති සියලුම ප්‍රගතිශීලි අණ පනත්,සංශෝධනයට පියවර ගනිමින් සිටී.ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් පොඩි මිනිසුන්ගේ EPF,හාETF අරමුදල කොල්ලකන ආණ්ඩුව සමාජයේ පහළම දුගියන්ට හා මැද පංතික ජනතාවට හා,වෘත්තිකයන්ට බදු ගසමින් ධනපතියන්ට බදු සහන දෙමින් සිටී.

    මේ තත්වය යටතේ මේ දරුණු පාලනයට විරුද්ධව පා ගමන්,උද්ඝෝෂණ,රැස්වීම් හරහා ජනතාව පෙළගැස්වීමට විපක්ෂයේ පක්ෂ එක්ව එක්සත් සටන් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව නිදාගෙන සිටිය හොත් අනාගත ජනාධිපතිවරණය හෝ දිනාගැනීමට නොහැකි වනු ඇතැයි තම අත්දැකීම බව දේශපාලන විචාරකයින් පවසයි....

Post a Comment

0 Comments