මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් රටට පේන්න බොරු ආණ්ඩු විරෝධයක් මවාපාමින් ,හොරගල් අහුලමින් සිටි සිරිසේන එක පාරටම රනිල්ට බැලමෙහෙවර කරන, ඇමතිවරුන් වන නිමල් සිරිපාල හා මහින්ද අමරවීර සමඟ අද මාධ්‍යයේ පෙනී සිටිමින් තමා සහ තම පක්ෂය ආණ්ඩුවේ කොටස් කරුවකු බව එළිපිට හෙළිකළේය.
පක්ෂ නායකයා මෙසේ ආණ්ඩුවේ ඇමතිවරුන් සමඟ මාධ්‍යයේ එකට ඉඳ ගැනීමෙන් ශ්‍රීලනිප ද ආණ්ඩුවේ කොටස්කරුවකු බවට එළිපිටම ඔප්පු වන බැවින් දයාසිරි ජයසේකර මෙයට තදින් විරුද්ධ වී ඇති බව වාර්ථාවේ.
සිද්ධීන් පෙළ ගැසෙන ආකාරය අනුව ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙලට විරුද්ධව විවිධ ලෙස පෙළ ගැසෙන ජනතා බලවේග දැක අධිරාජ්‍යවාදීන් කනස්සල්ලට පත්ව ඇති බවත්,මීළඟ මැතිවරණය දිනීම සඳහා රනිල්ගේ හා පොහොට්ටුවේ චන්ද ප්‍රමාණවත් නොවන බවත්ඒ නිසා ආණ්ඩු විරෝධී බලවේග කඩා බිඳ දැමීමට ක්‍රමෝපායන් සොයන බවත් සිරිසේනගේ මේ හැසිරීම එහි මුල් පියවර බවත් ,දෙවනුව සජබද කඩන බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ වාමාංශික නායකයකු ප්‍රකාශ කළේය.
කෙසේ වුවත් සිරිසේන මේ කරන්නේ තව දුරටත් ශ්‍රීලනිප යේ ඉතිරි වී සිටින ප්‍රගතිශීලින් පාවාදීමක් බවත්,තව දුරටත් සිරිසේන ඇතුළු මොවුන් විපක්ෂයේ සිටින සැබෑ විපක්ෂයට අයත් නොවන බවත්,ලංසා අනුර යාපා විපක්ෂයේ සිට ආණ්ඩුවට කඩේ යන ලෙසට දැනට ඉදිරිපත් වී ඇති කෙහෙළියට විරුද්ද්‍ධ විශ්වාසභංගයේදී මොවුන්ද ආංඩුව සමග එක්වී චන්දය දෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
0 Comments