ලංකාව උද්ධමනය අඩුම රටවල් අතර පෙරමුණට.. ආහාර උද්දමනය අඩුම හතරවැනියා..

 

අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 සැප්තැම්බර් මාසය සදහා 1.3 %ක් දක්වා පහත වැටී ඇත. එය 2023 අගෝස්තු මාසය සඳහා 4.0 % ලෙස වාර්තා වී තිබුණි.

2023 සැප්තැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -5.2% දක්වා පහත වැටී ඇති අතර 2023 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ -4.8 %ක් ලෙසයි.

එමෙන්ම, සැප්තැම්බර් මාසයයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 4.7 % ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 අගෝස්තු මාසයේ දී 8.7% ලෙස වාර්තා විය.

ලෝකයේ රටවල උද්ධමන දත්ත මෙතනින්…

Post a Comment

0 Comments