කාන්තාවකට රෙදි ගලවා පහර දුන් ෆුඩ් සිටි මැරයන් අත්අඩංගුවට…

 

කාගිල්ස් සුපිරි වෙලද සැලකදී පාරිභෝගික කාන්තාවකට පහරදීමේ සිදුවීමට අදාලව එහි බොරැල්ල ශාකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාරිභෝගික කාන්තාවකට වෙලදසැල තුලදී අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වීමත් සමග පොලිසිය මෙම ක‍්‍රියාමාර්ග ගෙන තිබේ.

පසුගිය 18 වෙනිදා අදාල තරුණිය වෙළඳසැලෙන් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ආරවුල ඇති වී තිබින.

පහර කෑමේදී එම තරුණිය ඇඳ සිටි උඩුකය ඇදුහ ගලවා තියුණු ආයුධයකින් අත කපාගෙන එම ස්ථානයෙන් පළා ගොස් ඇතැයිද හෙලිව ඇත.

බොරැල්ල මැගසින් පාර පදිංචිකාරියක් වන පහර කෑ 25 හැවිරිදි එම තරුණිය මීට පෙරද වැලිකඩ කොල්ලුපිටිය, කොහුවල සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අයෙක් වන බවත් අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය සදහන් කරයි.

බොරැල්ල පොලිසිය විසින් සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ කරමින් සිටී.

Post a Comment

0 Comments