හිතන අය මේ විශ්වාස භංග යෝජනාවට විරුද්ධ වේවි.
පොන්නම්බලම්ට අභියෝගයක්
සිංහල ජනතාවගෙන් කිසිම හිරිහැරයකින් තොරව පරම්පරා හතරක් සැපට කොළඹට වී සිටින ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නැවතත් උතුරේ වන්දනාවේ යන බෞද්ධයින්ට හිරිහැර කරන්න පටන් අරන්. මුලින්ම වසර 2,400ක් පැරණි දේවානම්පියතිස්ස රජතුමා ඉදි කළ යාපනයේ තිස්ස විහාරයේ වස් පිංකමට පොන්නම්බලම් බාධා කළා. ඊ ලඟට මුලතිව් කුරුන්දි විහාරයේ පිරිත් පිංකමට පොන්නම්බලම් බාධා කළා. දැන් ත්‍රිකුණාමලයේ බොරළුකන්ද රජ මහා විහාරය ළඟ උද්ඝෝෂණය කරනවා. මේ මන්ත්‍රිවරයාට පන්සලක්, බෝධියක්, චෛත්‍යයක් පේනන බෑ. හතරපස්දෙනෙක් එක්ක ගිහින් උද්ඝෝෂණයක් කරණවා. බොරළුකන්ද රජ මහ විහාරය කියන්නේ මීට වසර 2,000කට කලින් වසභ රජතුමා ඉදි කළ පන්සලක්. කවුරුවත් ගිහින් බෞද්ධයින් නැති තැන් වල අළුත් පන්සල් හදලා නෑ. හින්දු කෝවිල් උඩ පන්සල් හදලා නෑ. මේවා වසර දහස් ගණනක් පැරණි ආගමික සිද්ධස්ථාන. ඇත්තෙන්ම ආගම් භේදයකින් තොරව සමස්ත ලෝකයටම අයිති ලෝක උරුමයන්.
ඒ නිසා උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන සැබැවින්ම බෞද්ධ සිද්ධස්ථාන නොවේ කියා පොන්නම්බලම් මන්ත්‍රිවරයා සිතනවා නම් උද්ඝෝෂණ කරන්න පෙර එ්වා බෞද්ධ සිද්ධස්ථාන නොවේ කියා මා සමග ප්‍රසිද්ධ විවාදයකට හෝ රූපවාහිනි විවාදයකට පැමිණෙන මෙන් මම ඔහුට අභියෝග කරනවා. ඔබ එරෙහි වන සිද්ධස්ථානය ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක් නොවේ කියාත් බෞද්ධ ජනතාවක් වාසය කරන ස්ථානයක නොවේ කියාත් ඉදිකර ඇත්තේ හින්දු කෝවිලක් මත කියාත් ඔබ ඔප්පු කලොත් ඔබේ උද්ඝෝෂණයට මමත් එකතු වෙනවා කියන පොරොන්දුව දෙනවා
0 Comments