පාස්කු ප්‍රහාරය - රාජපක්ෂ රෙජීමය සහ ජාත්‍යන්තර බුතයා !



මෞලානා නැමති පුද්ගලයෙක් බ්‍රිතානයේ චැනල් 4 නමැති TV නාලිකාවේ ප්‍රචාරය වීමට නියමිත වැඩ සටහනක පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ'ආශීර්වාදය මත වුවක් බවට ඉඟිකර ඇති බවට Daily Mirror පුවත් පතේ සදහන්වේ. ඔහු තව දුරටත් කියා සිටින්නේ රාජපක්ෂ රෙජීමයේ මිතුරෙකු සහ යුද හමුදාවේ ඉහළ පෙලේ පුද්ගලයකු වන සුරේෂ්පු සලේ සමග එකතුවී පාස්කු බෝම්බ පිපිරීම රට තුල දියත් කරමින් අහිංසක ජීවිත රැසක් විනාශ කළ බවත් එය කරන ලද්දේ රට නොසන්සුන් තත්වයකට පත් කරමින් ඒ හරහා ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙන ඒමට ගත් කුමන්ත්‍රණයක් බවත්ය. මේ සම්බන්ධව lanka L news වෙත අදහස් දැක්වූ විචාරකයෙක් කියා සිටියේ සුරේෂ් සලේ කියන පුද්ගලයා  අප රටේ යුදහමුදාවේ බුද්ධි අංශයේ වර්තමාන ප්‍රධානියා වන බවත් ඇමරිකාවේ CIA ප්‍රධානියා පෙබරවාරි මාසයේ ලංකාවේ ආගමන විගමන නීති කඩමින් අප රටට ඇවිත් සුරේෂ් සලේ හමුවූ බවත් ඒ සංචාරයට රනිල් වික්‍රමසිංගේ ආණ්ඩුව සම්පුර්ණ සහයෝගය දුන් බවත් ඔහු කියා සිටියේය. ඔහු ඒවගේම පෙන්නා සිටියේ ගෝඨාභය රාජපක්ෂට ජනපති චන්දයේ අපේක්ෂකයකු ලෙස පෙනී සිටීමට තිබුණු එකම බාධකයවූ ඇමරිකානු ජාතිකත්වය ඉවත් කර ගැනීමේ ඉල්ලුම් පත ජනාධිපති තරගයේ නාමයෝජනා දීමට මාස දෙකකට පෙර ඇමරිකාවේ රාජ්‍යය විසින් approve කිරීමත් ඉතා මවිතයකට පත් කෙරෙන සිදුවීම් මාලාවක් බවත්ය.

Post a Comment

0 Comments