ගෑස් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

 



ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අද දිනයේ සිට සිය මිල ගණන් ඉහල නංවා තිබේ.

සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ගෑස් මෙට්ට්‍රික් ටොන් එකක මිල වැඩි සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති නිසා මෙම තීරණය ගන්නා ලද බවයි.

ඒ අනුව ගෑස් මිල ඉහළ දමා ඇත්තේ මෙසේය.

කිලෝග්‍රෑම් 12.5 රුපියල් 145කින් වැඩි කරන අතර නව මිල රුපියල් 3,127 කි.

කිලෝග්‍රෑම් 5 රුපියල් 58 කින් වැඩි කරන අතර නව මිල රුපියල් 1,256කි.

කිලෝග්‍රෑම් 2.3 රුපියල් 26කින් වැඩි කරන අතර නව මිල රුපියල් 587කි.

Post a Comment

0 Comments