ක‍්‍රිකට් පිල දිල්ලියට බහින්නත් පෙර ක‍්‍රීඩා ඇමතිගෙන් ක‍්‍රිකට් ආයතනයට ප‍්‍රහාරයක්…

 

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඇතැම් ක්‍රීඩා සංගම් ප්‍රධානීන් දූෂිත නිලධාරීන් සමාජ මාධ්‍ය මෙහෙයුමක නිරතව සිටින බව ක්‍රීඩා අමාත්‍ රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මාතලේ ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු ඒ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තම වගකීම හරි ආකාරයෙන් ඉටු කර ඇත්නම් එහි ප්‍රතිඵල එළැඹෙන ලෝක කුසලානයේදී දැකගත හැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

ක්‍රිකට් තේරීම් කමිටුවේ කිසිදු තේරීමකට තමන්ගේ මැදිහත්වීමක් හෝ යෝජනාවක් ඉදිරිපත් කර නැති බවද පැවසූ ඔහු පවතින තේරීම් කමිටුවේ වසර හතරක ප්‍රතිඵලය ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී බලාගත හැකිවනු ඇති බවද ඔහු සදහන් කලේය.

අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අසීමිත මුදල් ප්‍රමාණයක් ලැබෙන බවත් ඉන් සියයට විස්සක් දුන්නේ නම් අනිත් සියලු ක්‍රීඩා මහා භාණ්ඩාගාරයේ මුදල් නැතිව පවත්වාගෙන යා හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.


 7 39
 

Post a Comment

0 Comments