නැවත රනිල්ට බලය ගියොත් මේක යක්ෂයාගේ රටක් බවට පත්වේවි!! වාසුදේව කියයි...

 


මීළඟ මැතිවරණය දක්වා කාලය මේ ජනාධිපතිවරයා තමන්ට නොමැති බලයක් ලබා ගැනීම සඳහා යම් උපායමාර්ග යොදා ගන්නාවූ කාලයක් වේවි.ඒ උපායමාර්ග වල ප්‍රතිඵලයක් හැටියට යම් හෙයකින් රනිල්ට නැවත මේ රටේ පාලන බලය අත්පත් කරගන්න පුලුවන් වුනොත් මේක යක්ෂයාගේ රටක් බවට පත්වේවි.වාසුදේව නානායක්කාර සහෝදරයා මෙම අදහස් පළකළේ අද කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    අද මේ ආණ්ඩුව ආර්ථිකය  නැවත නැගී එනවා යැයි කියන විශ්මය ජනක බොරුව ජන ගත කරමින් සිටින බවත්,ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධී පනත මගින්  පොලිස්පතිට හෝ නියෝ.පොලිස්පති වරයකුට හා ආරක්ෂක ලේකම්ට ඕනෑම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක්,හෝ ක්‍රියාකාරිත්වයක්  ත්‍රස්තවාදය යටතට වැටෙන බව පවසා වඩාත් අසීරුතාවයකට පත්කර, ඇප ලබානොදී, දීර්ඝකාලීන සිරගත කිරීමකට ලක් කිරීමට හැකි බවත්   ,                                                     සමාජ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා ගෙන එන පනත මගින් ආණ්ඩු විරෝධී ප්‍රකාශන වල සත්‍ය අසත්‍යතවය සෙවීමට ජනාධිපති හිතුමතේ පත්කරන කොමිෂමකට භාරදීම ඉතා භයානක බවත්.මේ ජනාධිපති කවුද කියා අප හැමෝම දන්නා බවත් වාසුදේව මන්ත්‍රීතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

        අවසන් වශයෙන් මේ ආංඩුවත්,මේ ආණ්ඩුව අනුගමනය කරන IMF සැලැස්මත් පරාජය කිරීමට එකතුවෙන සියලු බලවේග එක වේදිකාවකට එන්න ලංකාවේ දේශපාලනය අද බලකරන බවත්,එසේ නොකළොත් IMF සැලැස්ම ජයග්‍රහනය කර මේ රටේ ජනතාව විශාල පරාජයකට ගමන් කරන බවත්,ඒ නිසා IMF විරෝධී සියලු බලවේග වල ප්‍රකාශිත එකඟවීමක් අවශ්‍ය බවත්,මෙය හංගගෙන ගහන්න බැරිබවත් පැවසීය.

Post a Comment

0 Comments