අපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..



 අරගෙන තියෙනවා. නීතිය සම්පූර්ණයෙන් ම වල් වැදිලා තියෙනවා. පොලීසිය උඩ ඉඳන් පහළට පාදඩ ත්‍රාඩ කල්ලියකගෙ ග්‍රහණයට ගිහිල්ලා. ලෝකෙ කිසි රටක නෑ ත්‍රස්තවාදී කටයුතුවලට උදව් කරපු මිනිහෙක් පොලිස් ඇමැති කරලා. මේ රටේ එහෙම කරල තියෙද්දි මේ අයගෙන් කොහොමද යුක්තිය ප්‍රාර්ථනා කරන්නෙ. අද රටේ සිදුවන ඝාතන රැල්ලටත්, තුවක්කු සෙල්ලම් වලටත් මේ රාජ් කුමාරි සිද්ධියටත් දිනක මේ වගකිව යුත්තන්ට දඬුවම් කරන යුක්ති සහගත සමාජයක් අපි ඇති කරනවා. කිසිම කෙනෙකුට ඇමතිකම්වල හැංගිලා, බැංකුවලට පොලු තියලා කෝටි ගණන් සල්ලි අරගෙන ඇමැතිකම් අරගෙන පක්ෂ පාලනය කරගෙන රජවෙලා ඉන්න හම්බවෙන්නෙ නෑ.

ලබන සතියෙ සෞඛ්‍ය ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් එනවා. සෞඛ්‍යයේ ඛේදවාචකය අතරේ ජාවාරම්කාර කල්ලියක් මේ හැම එකකින් ම හම්බකරනවා. ඇස්ප්‍රීන් පෙත්තේ සිට බොරු ව්‍යාජ ඖෂධ හරහා, ප්‍රමිතියෙන් තොර ඖෂධ හරහා මේ ජාවාරම්කාර පන්තිය ඒ ජාවාරම් කරගෙන යනවා. මේක කෙහෙලිය රඹුක්වැල්ලගෙන් විතරක්, ඡන්ද විමසීමකින් විතරක් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් ගුණාත්මක යුගය සඳහා රටේ සෞඛ්‍ය පද්ධතිය ගොඩ නැගීමට එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කරනවා.

නාමල් රාජපක්ෂගෙ ගෙදර ලයිට් කපන්නෙ නැතිව මිහින්තලේ ලයිට් කපනවනම්, ආරණ්‍ය සේනාසනවල ලයිට් කපනවනම් යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයෙ ඉංජිනේරුවො 150-200 රට දාලා යන එක ගැන අහන්න දෙයක් නෑ.
මේ රටේ දැවැන්ත සීනි බදු වංචාවක් ගෝඨාභය ජනාධිපති මහින්ද අගමැති කාලෙ වුණා. රු. 50 තිබ්බ සීනි බද්ද සත විසිපහට ගෙනාව. නමුත් සීනි මිල අඩු කළේ නෑ. මුදල් අමාත්‍යාංශය ම පාර්ලිමේන්තුවට කිව්වා කෝටි 1600 ක වංචාවක් කළා කියලා. අවු. 2ක් තඹ දො‍යිතුවක් මේ සීනි බදු වංචනිකයන්ගෙන් අය කරගන්න කටයුතු කරලා නෑ. එහෙම කරලා දොස්තර, ඉංජිනේරු ආදී වෘත්තිකයන්ගෙන්, සාමාන්‍ය ජනතාවගෙන් බදු ගහන්න ගත්තාම කොහෙද ආර්ථික යුක්තියක්.

රටේ බදු ගෙවිය යුතු පිරිසගෙන් 45%ක් බදු ගෙවන්නෙ නෑ. ඒ සියලු දෙනා බදු දැල ඇතුලට ගන්න නම් තාක්ෂණික වශයෙන් දියුණු ඩිජිටල් දත්ත වේදිකාවක් අපට අවශ්‍යයි. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවත් ඒක අද වෙනතුරු ක්‍රියාත්මක කරලා නෑ. රේගු, දේශීය ආදායම්, මෝටර් රථ වාහන ලියාපදිංචි, හැඳුනුම්පත්, විවාහ, දෙපාර්තමේන්තු වරාය ගුවන් තොට හැමතැනම එකට සම්බන්ධ වන ක්‍රියාවලියක්, රටට බදු අයවන ක්‍රමවේදයක් අපි ගේනවා.

වර්ෂයකට ඩොලර් කෝටි 200කට වඩා රටින් පිටට යන හිල් වහන ක්‍රමවේදයක් අපි ගෙන එනවා.
ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත පිරිසකට මේ රටේ නායකත්වය ලැබිය යුතුයි. ඒ සඳහා සිංහල දෙමළ මුස්ලිම් තරුණ ජනතාව එකට එක් වෙන්න ඕනෙ. එහෙම ගොඩනගන කොට ඕනෙම දක්ෂ කෙනෙකුට මේ රටේ ජනාධිපති ධුරය දක්වා අවශ්‍ය නව බලය නව පෙරමුණ එක්සත් ජනරජ පෙරමුණ විසින් නිර්මාණය කරනවා.”

Post a Comment

0 Comments