වත්මන් ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාවගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත්, එහි අලුත්ම ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය නමින් වචන ඉදිරිපත් කරමින් ඒ පසුපස සිදු කරන්නේ, සමාජ මාධ්‍යවල පාලනය රජය අතට ගෙන මාධ්‍ය මර්දන ක්‍රියාත්මක කිරීම බවට විපක්ෂ නායකවරයා චෝදනා කළා.
ආණ්ඩුව සිදු කරන මෙම මාධ්‍ය මර්දන ක්‍රියාවලිය ත්‍රස්තවාදයක් බැවින්, ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන බවත්, ජනතාව සමග පාරට බැස මෙම මර්දනයට හා සමාජ මාධ්‍ය පාලනයට විරුද්ධව අරගල කිරීමට පවා තමන් සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, දෙවිනුවර ධීවර වරායේ තත්ත්වය සොයා බැලීම සඳහා එහි කළ සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
අපේ රට වට සරුසාර මුහුදු කළාපයක් තිබුනත්, රටේ මත්ස්‍ය අවශ්‍යතාව ඒ තුළින් සපුරා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අප ලැජ්ජා විය යුතු බවත්, මත්ස්‍ය නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් ලෙසද ගොඩ නැගිය හැකි මොහොතක වත්මන් ආණ්ඩුව හා ධීවර අමාත්‍යාංශය ඒ වෙනුවෙන් දක්වන්නේ උදාසීන භාවයක් බවත්, විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.

0 Comments