සෞඛ්‍ය ඇමති ධුරය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට පැවරීමට රජය යෝජනා කර ඇතත් රමේෂ් පතිරණ මහතා මෙතෙක් ඊට කැමැත්ත පළ කර නැතැයි සති අන්ත පුවත් පතක් වාර්තා කර ඇත.
තමන් දැනට දරන කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරය තවදුරටත් දැරීමට වඩාත් කැමැති බව ඒ මහතා පවසා ඇතැයිද එහි දැක්වෙයි.
නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනකු පත් කිරීමට රජය මුලින් සැලසුම් කර තිබුනත් නමුත් එය ඇමති විෂයන් හතරක් මාරු කිරීමට වෙනස් කර ඇතැයිද සදහන්ය.

0 Comments