ගිනිගත්හේන ප්‍රදේශයට (02) දින පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ තිබු බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ මාර්ගයට ඉහලින් පිහිටා තිබු විශාල මාර ගසක් (02) දින ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු බවත්, පසුව ප්‍රදේශවාසින් සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබු ගස කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට පමණ පසු යථා තත්ත්වයට පත් කල බව පොලිසිය පැවසිය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං නිසා හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට ගස් , පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින බවත්, මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
0 Comments