මන්නාරම තාරාපුම් ප්‍රදේශයේ ක්‍රියාත්මක මහපරිමාණ මත්පෙති ජාවාරමක් පිළිබඳ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මත්පෙති 20,7000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මන්නාරම හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට දැනුම් දී ඇති අතර පසුව එහි නිලධාරීන් පිරිසක් විසින් තාරාපුරම් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමේදී මත්පෙති කිහිපයක් සමග සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව සැකකාර තරුණයා ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මන්නාරම තාල්වුපාඩු ප්‍රදේශයේ පාලු ඉඩමක සුරක්ෂිත ලෙස වළ දමා තිබූ මත්පෙති විශාල ප්‍රමාණයක් සොයා ගත් බව මන්නාරම් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු වන අතර ඔහු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි
සැකකරුට මෙම මත් පෙති තොගය ගෙනැවිත් භාරදුන් පුද්ගලයා ගැන තොරතුරු හෙළි කර ගෙන ඔහුද අත්අඩංගුවට ගැනීමට මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් විශේෂ පරීක්ෂණක්ද ආරම්භ කර ඇත.

0 Comments