ආණ්ඩුව IMF ගියේම ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වුවත්,ජාත්‍යන්තර ණය කපා හැරීමට සුභවාදී පණිවුඩයක් මෙතෙක් කිසිම රටකින් හෝ මූල්‍ය ආයතනයකින් ලැබීනැති බවත්,දෙවන ණය වාරිකය ලබාදීමට පෙර සමාලෝචනය සඳහා පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් මහතාද ඒ පිළිබඳ නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකළ බවද අද සිරස පැතිකඩ වැඩසටහනට එක් වෙමින්
පාර්.මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව ආණ්ඩුවේ මූලික අරමුණ ණය කපා හැරීම වුවත්,IMF සමඟ ගිවිසුම් ගත වී අවුරුද්දක් ගත වුවත් තවම එක ඩොලරයක් හෝ පිටරට ණය කපා හැර නැති බවත්,චීනය පමණක් වසර දෙකක් යන තුරු පොලී ගෙවීම කල්දැමමූ බවත්,එසේ තිබියදී දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ EPF එක කොල්ලකන බවත් පැවසීය.
0 Comments