ඇමතිතුමෝ, QR විතරක් නෙමේ රටම ඉවරයි! ගෙදර යන්න....

 


ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිළ ඉහළ යාම අනුව මෙහෙත් ඉන්ධන මිළ ඉහළ දැමීමට සිදු වෙනවා නම් ඇමතියෙක් මොකටද?සහ ආණ්ඩුවක් මොකටදැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික  ප්‍රශ්න කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ Lanka L News වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

      ඊයේ සිට සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කරන ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් 13 කින්ද,ඔක්ටේන් 95 ලීටරයක් රුපි.42 කින් ද,සුදු ඩීසල් ලීටරයක් රුපි.35 කින් ද,ලෙස ඉතා ඉහළ අගයකින් වැඩිකර සුපිරි ධනවතුන් හා දේශපාලුවන් පාවිච්චි කරන සුපිරි ඩීසල් වල මිළ වැඩිකර ඇත්තේ රුපි1 කින් බවත්, මේ ලෙස හැම 01 වෙනිදාම මේ ර⁣ටේ තෙල් මිළ තීරණය කරන්නේ  ලෝක වෙළඳ පළ නම් මේ ආංඩුවත් , කාංචන ඇමතිත් මොකටද යනුවෙන් තමා ප්‍රශ්න කරන බවත්,ආංඩුවක් අවශ්‍ය වෙළඳපලට මැදිහත් වී මේවා පාලනය කිරීමට බවත්, එහෙත් දැන් මේ රටේ මිළ තීරණය කරන්නේ පාන් කල්ලි,බස් කල්ලි,බිත්තර කල්ලි වැනි කල්ලි විසින් නිසා මිනිසුන්ට තව දුරටත් දුක් නොදී මැතිවරණයක් තියා තොලොංචිවී යන ලෙස ආණ්ඩුවට බලකරන  බව ඔහු පැවසීය.

    අහිංසකම දුප්පතා හා ධීවරයා පාවිච්චි කරන බූමිතෙල් මිළද වැඩිකර කර ඇති මේ දුෂ්ඨ පාලකයන්ට දුරටත් බලයේ ඉන්න ඉඩ දෙනවාද? එසේම මේ මිළ වැඩිවීම හේතුවෙන් සියළුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ මේ වන විටත් ඉතා අධික වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් ,බස් ගාස්තු 10%-15% අතර ප්‍රමාණයකින්ඉහළ දැමිය යුතු බවට බස් සංගම් තීරණය කර ඇති බවට අංජන ප්‍රියන්ත ප්‍රකාශ කර ඇති බවත්,පාසැල් ප්‍රවාහන ගාස්තු,ත්‍රීවිල් ගාස්තු වැඩවීම හේතුවෙන් මිනිස්සු කබලෙන් ලිපට වැටී ඇති බවත්,ආණ්ඩුව ලොරි ටෝක් නොදී ගෙදර යන ලෙස තමා නැවත බලකරන බවත්,සංජීව ධම්මික පැවසීය...

Post a Comment

0 Comments