පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට වෙඩි තබා ඇත.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ විශේෂ මෙහෙයුමක යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් කැලණිමුල්ලේ පාලම මතදීය.
මෙම යතුරු පැදිය සැකකටයුතු ලෙස ධාවනය කර ඇති අතර එය නැවැත්වීමට සංඥා කළ ද නොනවත්වා ධාවනය වූ නිසා වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් පසුවද ඔවුන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
0 Comments